Sports

ලෝක කුසලානයේ නායකත්වයත් දසුන්ට

ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දසුන් ශානක ( Dasun Shanaka ) නායකයා ලෙස පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිලේ අසාර්ථකත්වය හේතුවෙන් දසුන් නායකත්වයෙන් ඉවත් කර නව නායකයෙක් පත්කිරිමට පසුගිය දින තුන තුළ දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේ දීර්ඝ සාකච්ඡාවකින් පසුව තව දුරටත් දසුන් නායකත්වයෙ තබාගැනීමට තීරණය කළ බවයි.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන දසුන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබේ.

(lankadeepa.lk) 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button